Showing posts with label සිතුවිලි බැදුමක්. Show all posts
Showing posts with label සිතුවිලි බැදුමක්. Show all posts

Sunday, June 19, 2011

මතකයේ රැදුන නුබට...... 02

පළවෙනි කොටස කියවපු නැති අය මෙතනින් ගිහින් කියවලා එන්න...


මතු සම්බන්දයි....

Tuesday, June 7, 2011

අපේ ලෝකයක් මෙසේ ඇරබුවෙමූ


පුංචි පුංචි අකුරු කැට් එකතු කරලා
මතකයි පුංචි කාලෙ කවි ලිව්වා
ඉස්සෙල්ලාම අම්මා ගැනද කොහෙද.
ඊලගට ඉස්කෝලෙ ගැන
ඊට පස්සෙ ලොකුවෙන්න වෙන්න
ලියන මාතෘකාව වෙනස් වුනා
ලියන ලියන කවි පේලි
ඉස්සරවගේ එලියට නෑවිත්
පොත් අස්සටම වෙලා හැංගුනා..
සමහර නිසදැස් ලිව්වට පස්සේ දැක්කේ නෑ
අපි අපිටත් හොරා ලොකුවුනා...
දුකට අඩනකොට ලෝකෙම බනිනකොට
සතුටට හිනාවෙනකොට පාටි දානකොට
හැමදාම මාත් එක්ක හිටියා යාලුවෙක්..
ඒ තමයි මගේ කවිය..





මමයි නගායි අදුනගෙන
වැඩි කාලයක් නෑ ඉතින්
ඒත් අපි දෙන්නම කවියට ආදරෙයි
කවිය ඒ වගේ හුග දෙනෙක්ව
මගේ ජීවිතේට ලංකලා...

කවියකින්ම මම අද ඔන්න
අපේ ලෝකයක් හදනවා
කවි විතරක් නෙමෙයි
අකුරු වලින් ඕනම දෙයක්
ඕකට ඔබනවා ආයෙත් කියවලා හිනාවෙනවා
දවසින් දවස අපි වැඩිමල් වුනාට
කවිය තාමත් බොලදයි අහිංසකයි..
හා හා පුරා කියලා ඔන්න..
කිවියෙන්ම ඇරබුවා අපිටම වෙන්වෙච්ච ලෝකයක්......
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴